නාගරික මහල් නිවාස ඉදිකිරීමේ විශාල ප්‍රගතියක් – නාලක ගොඩහේවා

නාගරික මහල් නිවාස ඉදිකිරීමේ විශාල ප්‍රගතියක් – නාලක ගොඩහේවා

නාගරික මහල් නිවාස ඉදිකිරීමේ විශාල ප්‍රගතියක් තිබෙනවා බව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අදහස් දක්වමිනි.

රාජ්‍ය අමාත්‍ය තුමා පාර්ලිමේන්තුවේ පළ කල අදහස්,

සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයේ සතුටින් ජීවත්වන පවුලක් යන සංකල්පය යටතේ අපි විශේෂයෙන්ම අවධානය යොමුකළ ක්‍ෂෙත‍්‍රයක් තමයි නිවාස. අද නාගරික නිවාස, ග‍්‍රාමීය නිවාස හා වතු නිවාස යන ක්‍ෂෙත‍්‍රවල වෙන වෙනම රාජ්‍ය අමාත්‍යාංශ තුනක් යටතේ විශාල වැඩ කොටසක් කෙරෙමින් පවතිනවා.

මේ අතරින් නාගරික මහල් නිවාස සංවර්ධනය මගේ යටතේ තිබෙන නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට අයත් විෂයක්. අපි ඉදිකරන නිවාස ප‍්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒ අඩු ආදායම්ලාභීන් සඳහා වූ නිවාස හා මැදි ආදායම්ලාභීන් සඳහා වූ නිවාස වශයෙන්. අප විසින් නිවාස 2020 වසර ආරම්භයේ සිට මේ දක්වා අඩු ආදායම්ලාභී නිවාස 543 ක වැඩ අවසන් කොට අදාල ප‍්‍රතිලාභීන්ට බාර දී තිබෙනවා. තවත් නිවාස 7246 මේ වන විට ඉදිවෙමින් පවතිනවා. මැදි ආදායම්ලාභීන් සඳහා කොළඹ, ගම්පහ, නුවර, අනුරාධපුර දිස්ත‍්‍රික්ක ආවරණය කරමින් මහල් නිවාස 2795 ක ඉදිකිරීම් මේ වන විට සිදු වෙමින් පවතිනවා.

අපේ අමාත්‍යාංශය යටතේ තිබෙන තවත් ආයතනයක් වන නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් පසුගිය දෙවසර තුළ පහළ මැදි ආදායම්ලාභී නිවාස 470 ක වැඩ අවසන් කොට භාර දුන්නා. මැදි ආදායම්ලාභීන් සඳහා තවත් නිවාස 408 ක වැඩ ආරම්භ කොට තිබෙනවා.

මෙතනින් එහාට නිවාස ඉදිකිරීම් ව්‍යාප්ත කිරීම සඳහා අපි මූලිකවම යොදා ගන්නට බලාපොරොත්තු වන ආකෘතිය වන්නේ රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ ආයෝජනයි. මෙහිදී රජයේ ආයෝජනය ලෙස ඉඩම ලබාදෙන අතර නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය කරන මූලික ප‍්‍රාග්ධනය යොදවා ඒවා ඉදි කිරීම පෞද්ගලික අංශ විසින් කරනු ලබනවා.

මේ ආකෘතිය යටතේ පළමු ව්‍යාපෘතිය ලෙස නිවාස 408 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් අපි වැලිසර ආරම්භ කළා. මීට අමතරව Private Public Partnership ව්‍යාපෘති ලෙස කොළඹ, ගම්පහ, නුවර, කුරුණෑගල යන දිස්ත‍්‍රික්කවල මැදි ආදායම්ලාභීන් සඳහා මහල් නිවාස 5000 කට වඩා ඉදිකිරීම් ආරම්භ කිරීමට අපි සැලසුම් කොට තිබෙනවා.

During 2020 and 2021 despite covid pandemic we were able to complete more than 300 key projects all over the country. We also undertook the development of 100 smaller cities covering every district and these projects will be completed before march this year..