රොෂාන් මහානාම ක්රිකට් තාක්ෂණික කමිටුවෙන් ඉවත් වෙයි

හිටපු ශ්රී ලංකා ක්රිකට් නායකයෙකු වන රොෂාන් මහානාම ක්රිකට් තාක්ෂණ කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
හිටපු ටෙස්ට් ක්රිකට් නායකයෙකු හා ක්රිකට් තාක්ෂණ කමිටු සභාපති අරවින්ද ද සිල්වා මේ බව තහවුරු කර තිබෙනවා
අරවින්ද ද සිල්වා වැඩිදුරටත් ප්රකාශ කර තිබුණේ රොෂාන් මහානාම ඉදිරියේදි පාකිස්තානයේ සිදු කරන කාර්යභාරයක් පදනම් කරගෙන මෙම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි.
එම කාර්යය හේතුවෙන් ඔහුට ක්රිකට් තාක්ෂණ කමිටුවේ කටයුතු වෙනුවෙන් කාළය වැය කිරීමේ ගැටළුව මත රොෂාන් මහානාම මහතා සිය තනතුරෙන් ඉවත් වන බව දැනුම් දුන් බවයි ක්රිකට් තාක්ෂණ කමිටු සභාපති අරවින්ද ද සිල්වා වැඩිදුරටත් ප්රකාශ කළේ.

