පාඨලීගේ 43 සේනාංකයේ පළමු ජාතික සමුළුවට සජිත් ඇවිල්ලා නෑ

පාඨලීගේ 43 සේනාංකයේ පළමු ජාතික සමුළුවට සජිත් ඇවිල්ලා නෑ

‘‘බලාපොරොත්තු අත්හැර නොගනිමු‘‘, ‘‘ගොඩ එමු- ගොඩ නගමු‘‘ යන තේමාව යටතේ 43 සේනාංකයේ ජාතික මහා සමුලූව එහි නායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර මොනාච් ඉම්පිරියල් උත්සව ශාලාවේදි ඊයේ පැවැත්විණි.

ගොඩනගමු යන තේමාව යටතේ හඳුන්වාදිම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා කථිකාචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප් මහතා විසින්ද ගොඩඑමු යන තේමාව යටතේ වැඩපිළිවෙල හඳුන්වාදිම පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින්ද සිදු කරනු ලැබූහ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ’43 සේනාංකයේ’ පළමු ජාතික සමුළුවට සහභාගී වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කර තිබුණ ද ඔහු ඊට සහභාගී නොවීය.

පාඨලී චම්පික රණවක මහතා නියෝජනය කරන සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන් සහ දේශපාලන ක්‍රියාකාරිකයන්ට ⁣සමුළුව සඳහා සහභාගී වන ලෙස විවෘත ආරාධනයක් සහ පෞද්ගලිකව ද දුරකතනයෙන් අමතා ආරාධනා කළ ද ඔවුන් සහභාගී නොවීම හේතුවෙන් එම සේනාංක⁣ය කණස්සල්ලට පත්ව ඇතැයි සඳහන්ය.

සමඟි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ මන්ත්‍රිවරුන් බහුතරයක් අදාළ ආරාධනය නොසලකා හැර ඇත්තේ පක්ෂ නායකයාගේ බලපෑම සහ උදහසට ලක්වීමට ඇති බිය නිසාවෙන් බව ද වාර්තා වෙයි.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු කතානායක කරු ජයසූරිය, සාගල රත්නායක, සමගි ජනබලවේගයේ ප‍්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම, හිටපු අමාත්‍යවරුන් වන සමගි ජලබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන තලතා අතුකෝරල, කබීර් හෂීම්, මනෝ ගනේෂන් හා හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ඇතුුලූ විශාල පිරිසක් එක්ව සිටියහ.