ගුවන් යානා රෝදයක සැගවී පැය 11ක් ගිය ගමන

දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තය දක්වා, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක රෝදය සහිත කොටසේ සැඟවී ආ අනවසර සංක්‍රමණිකයකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
යානය, භාණ්ඩ පටවා ගනිමින් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර සිට නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් වෙත පැමිණ තිබේ. ඒ සඳහා ගත වී ඇති කාලය පැය 11 කි.
අතරමඟදී යානය කෙන්යාවේ නයිරෝබි නුවරට ගොඩබා ඇත්තේ ද භාණ්ඩ බෑම සහ පටවා ගැනීම සදහාය.
පැය 11 ක් වැනි දිගු කාලයක් ගුවන් යානයක රෝදය සහිත කොටසේ කෙනෙකුට යෑම ඉතාමත් අසීරුය. එය මරු කැඳවන්නකි.
ඊට හේතුව, ගුවන් යානය ඉහළින් පියාසර කරද්දී ඇතිවන දැඩි සීතල සහ ඔක්සිජන් නොමැතිවීම හේතුවෙනි.
මෙම පුද්ගලයාගේ අනන්‍යතාව, වයස හෝ ඔහු කුමන රටක වැසියකු ද යන්න හෝ මෙතෙක් මාධ්‍ය වෙත අනාවරණය කර නැත.
නෙදර්ලන්ත පොලිසිය ඇම්ස්ටර්ඩෑම් ෂිපෝල් ගුවන් තොටුපොළේ දී එම තැනැත්තා අත්අඩංගුවට ගෙන රැදවුම් බාරයට පත් කළ බව පැවැසෙයි.

