සෆාරි රියදුරන්ගෙන් ඇතෙකුට හිරිහැර (වීඩියෝ)

සෆාරි රියදුරන්ගෙන් ඇතෙකුට හිරිහැර (වීඩියෝ)

සෆාරි ජීප් රථ රියදුරන් පිරිසක් වනෝද්‍යානයක් තුළදී ඇතෙකුට හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

අදාළ සිදුවීම යාල වනෝද්‍යානයේ දී ඇතිවූ සිදුවීමක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

දළ ඇතා ජීප් රථ ඉදිරියට පැමිණෙන අතර එහිදී රියදුරන් පිරිස ඇතාගේ මග අවහිර කරමින් වාහනවල නළා නාදකර දළ ඇතාට හිර හැර කරන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

පරිසරවේදීන් පවසන්නේ මෙලෙස හිරිහැරයට ලක්ව ඇත්තේ මින් පෙර ද මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් සැන්ඩෝ නම් හස්තියා විය හැකි බවටයි.