සුපිරි හොලිවුඩ් නළු “ලියනාඩෝ” ශ්‍රී ලංකාවේ අලි ප්‍රශ්නය මතු කරයි

සුපිරි හොලිවුඩ් නළු “ලියනාඩෝ” ශ්‍රී ලංකාවේ අලි ප්‍රශ්නය මතු කරයි

ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ විවෘත කසළ රඳවනයක ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් අලි ඇතුන්ට සිදුවන අකරතැබ්බය පිළිබඳව හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ අවධාරණය කර තිබේ.

ඔස්කාර් සම්මානලාභී නළුවා ඇසෝසියේටඩ් ප්‍රෙස් හි ප්‍රවෘත්ති වාර්තාවක් උපුටා ගනිමින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා කියා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ පල්ලක්කාඩු ගම්මානයේ කුණු කන්දෙන් ප්ලාස්ටික් කුණු කසළ අනුභව කිරීමෙන් සති අන්තයේ තවත් අලි දෙදෙනෙකු මියගොස් ඇති බවයි.

නැගෙනහිර ශ්‍රී ලංකාවේ විවෘත කසළ රඳවනයේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා එම කලාපයේ අලි ඇතුන් මිය යන බවට සංරක්ෂණවේදීන් සහ පශු වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇත.

https://bit.ly/33MOfIn