ඊළඟ ඡන්දයේදී ආණ්ඩු බලය ගන්නවා ස්ථිරයි

ඊළඟ ඡන්දයේදී ආණ්ඩු බලය ගන්නවා ස්ථිරයි

වෙනස්කම් පිළිගනිමින් ඉදිරියට යන ජාතික ජන බලවේගය වටා ජනතාව එක්රැස් වෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා මාතර දිස්ත්‍රික් සමුළුවේදී පැවසීය.

මේ වන විටත් දෙස් විදෙස් පිරිස් ජන බලවේගයට එකතු වී සිටින බැවින් ඊළඟ මැතිවරණයකදී සියලු ජනතාවගේ සහාය ඇතිව ආණ්ඩු බලය ලබා ගැනීමට ස්ථිර වශයෙන්ම හැකියාව ලැබෙන බවත් හෙතෙම කීය.

මෙතෙක් ආණ්ඩු ගෙන ගිය විවිධ වූ ප්‍රතිපත්තිවලට ජනතාව මේ වන විට එරෙහි වෙමින් සිටින බවත් ජනතාවට අවශ්‍ය ප්‍රතිපත්ති ඔස්සේ රට හදන වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගයට තිබෙන බවත් හඳුන්නෙත්ති මහතා කීවේය.