තාත්තාගෙන් සල්ලි ගන්නේ පුතාලා, මුදල් සොරකම ගැන නාමලුත් කතා කරයි

තාත්තාගෙන් සල්ලි ගන්නේ පුතාලා, මුදල් සොරකම ගැන නාමලුත් කතා කරයි

අගමැති මහින්ද රාජපක්ෂගේ ගිණුමකින් මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පුත් අමාත්‍ය නාමල් රාජපක්ෂ ද අදහස් දක්වා තිබෙනවා. එහිදී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ තාත්තාගෙන් සල්ලි ගන්නේ පුතාලා යැයි කියාය.

“මම දැක්කා පත්තරේ එහෙම සිද්ධියක් ගැන වාර්තා. එවැනි සිදුවීමක් ගැන අපි සාකච්ඡා කර නැහැ. මම දන්න තාක් කල් එහෙම සිද්ධියක් වෙලා නැහැ.තාත්තාගෙන් සල්ලි ගන්නේ පුතාලා”නාමල් රාජපක්ෂ පවසයි.

රාජ්‍ය බැංකුවක පවත්වාගෙන යන ගිණුමට පිවිසිය හැකි ATM කාඩ්පතක් භාවිත කරමින් අගමැතිවරයාගේ බැංකු ගිණුමෙන් මුදල් ලබාගෙන රුපියල් මිලියන ගණනක මූල්‍ය වංචාවක් සිදු කර ඇති බව අනාවරණය වීමෙන් පසු ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් කළ බව මාධ්‍ය වාර්තා කර සිටියා.