ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහගේ දේහය දිවයිනට

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහගේ දේහය ඉතාලියේ මිලානෝ නුවර සිට ඊයේ (27) රාත්‍රියේ දී දිවයිනට රැගෙන එනු ලැබුවා.
රාත්‍රී 9.10ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත දේහය රැගත් ගුවන් යානය මෙරටට ළගා වූ බවයි වාර්තා වන්නේ.
ඒ අනුව දේහය ඇයගේ නිවස පිහිටි කොළඹ – පැපිලියාන වෙත රැගෙන ගොස් ඇත.
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය දා ඇය ඉතාලියේ මිලානෝ නුවර දී අභාවප්‍රාප්ත වුණා.
57 හැවිරිදි වියෙහි පසු වූ ඇය මියයන විට ඉතාලියේ ශ්‍රී ලංකානු කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කර තිබෙනවා.



