කාලිංග මාඝටත් වඩා මේ ආණ්ඩුව කෘෂිකර්මය විනාශ කළා

සමගි ජන බලවේගයේ “සමගි ගොවිජන ප්‍රකාශනය“ අද (29) පෙරවරුවේ පොලොන්නරුවේදී එළිදැක්වුණා.
ඒ, එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.
සමගි ජන බලවේගයේ සමගි ගොවිජන ප්‍රකාශනය එළි දැක්වීමේ උත්සවය අද පෙරවරුවේ ආරම්භ වුණේ, පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසලදීයි.
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම උත්සවයට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ක්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
එමෙන්ම ඊයේ පැවති ජනහමුවකට එක් වෙමින් කාලිංග මාඝලා අතීත ශිෂ්ටාචාරය වැනසුවා.මේ ආණ්ඩුව කෘෂිකර්ම ශිෂ්ටාචාරය වැනසුවා යනුවෙන් විපක්ෂ නායකවරයා පවසා සිටියා
උඩරට කැරැල්ල කාලේ සුද්දෝ රටේ ගෙඩි හැදෙන ගහක් ගානේ විනාශ කළ බවත්, කාලිංඝ මාඝ යුගයේ මේ රටේ අතීත ශිෂ්ටාචාරය විනාශ කළ බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, වර්ථමාන ආණ්ඩුව රටේ කෘෂිකර්ම ශිෂ්ටාචාරය සහමුලින්ම විනාශ කළ බව පැවසීය.
විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ ඊයේ (28) පෙරවරුවේ දඹුල්ල නගරාසන්න පැවති සමගි ජන බලවේගයේ ජන හමුවකට එක්වෙමිනි.
පිපිරීම් නවත්තන බව කියා පැමිණි ආණ්ඩුව යටතේ අතට ගන්න ගෑස් සිලින්ඩරය පවා පිපිරෙන තැනට පත්වී ඇති බවත්,එපමණක් නොව පොහොර කෑන් පවා පිපිරෙන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
ඒ මදිවට,ගෙන්වා ඇති දියර පොහොර උහුලන්නට බැරි තරම් දුගදකින් යුක්ත බව කී විපක්ෂ නායකතුමා
ඒ දුගඳ අරලියගහ මන්දිරයට දැනෙන්නේ නැති බවත් , ජනාධිපති මන්දිරයට දැනෙන්නේ නැති බවත්, පාර්ලිමේන්තුවට දැනෙන්නේ නැති බවත් පැවසීය.
ජනතාවගේ දුක වේදනාව දැනෙන ස්නායු ආණ්ඩුවට නැතැයි කී විපක්ෂ නායකතුමා, සීනි වංචාව, පොල්තෙල් වංචාව, කෝවිඩ් ගසාකෑම ඇතුලු මහා දූෂණ වංචා අක්‍රමිකතාවලට ආණ්ඩුව වගකිවයුතු බව පැවසීය. අද වන විට ශ්‍රී ලංකාව දූෂණ දර්ශකයේ අතිශය පහල තැනකට රට පත්වී ඇතැයි ද එතුමා පැවැසීය.

