විලියම්ගේ බීමත් කම නිසා විවාහය දෙදෙරා යයිද ? රාජකීය පවුලෙන් ඇසෙන අලුත් කතාව

විලියම්ගේ බීමත් කම නිසා විවාහය දෙදෙරා යයිද ? රාජකීය පවුලෙන් ඇසෙන අලුත් කතාව

දැඩි ආතතියට පත් විලියම් කුමරු එය මගහරවා ගැනීමට අධික ලෙස මත්පැන් පානය කරන බවත්. එය ඔහුගේ බිරිඳ වන කේට් කුමරිය සමග ගැටුම් නිර්මාණය වීමට හේතු වී ඇති බවත් රාජ මාලිගාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව විලියම් කුමරුගේ පුරුදු, බොහෝ කලක සිට දැන සිටි පරිදි සිය සුළු මව, කැමිලා (73) ආදිපාදවරිය සමග මත් පැනට ලොල් වී සිටින ඔහුගේ පියා වන චාල්ස් කුමරුගේ (72) පුරුදුවලට බොහෝ සමානය. එක් අභ්‍යන්තර ප්‍රකාශකයකු ‘‘බොහෝ රාජකීයයන්ට කුඩා කල සිටම මත්පැන් භාවිතයට ඉඩ ප්‍රස්තාව ලැබෙනවා. නමුත් විලියම් කුමරු සිය පියා සේම එම මාර්ගයේ නොනවත්වා ගමන් කරන බව පෙනෙන්නට තිබෙනවා’’ යි පැවසුවේය.

මෙම 38 හැවිරිදි රාජකීයයාගේ මත්පැන් මත යැපීම ඔහුගේ වසර නවයක විවාහ ජීවිතය වියවුල් කරනු ඇති බවට සැකසංකා පවතින බව ආරංචි මාර්ග පවසයි.

‘‘වෙහෙසමහන්සි වී රාජකාරි කිරීමෙන් පසු බීර කීපයක් පානය කිරීමට විලියම් කුමරු හුරු වී ඇත. ඒ වගේම ඔහු රාත්‍රී ආහාරය ලබා ගන්නේ වයින් වීදුරු කීපයක් සමගයි. මේ නිසා ඔහු ව්‍යායාම් කරන්නේ​ බො​හෝම අඩුවෙන් වගේම උදෑසන අවදි වන්නේද කෝපාන්විතවයි’’ අභ්‍යන්තර ආරක්ෂකයෙකු හෙළි කළේය.

‘‘​කේට් කුමරිය මීට වඩා බොහොම විනීතයි. ඇය බොහෝ අවස්ථාවල දවසක් හැර දවසක් තම රාත්‍රී ආහාර​ වේල් සමග කිසියම් බීමක් ගන්නා මුත් බොහෝ විට පානය කරන්නේ සෝඩා පානයක් හෝ ෂැම්පේන් වීදුරුවකි.’’

‘‘නමුත් විලියම් කුමරුට ඇගේ ශික්ෂාකාමීත්වය නැහැ. ​බොහෝවිට ඔහු​ගේ වීදුරුව වීදුරු තුනක් හෝ හතරක් බවට පත්වෙනවා. එය මාලිගාව තුළ විශාල ගැටුමක් බවට පත්වෙලා වගේම දවසින් දවස නරක අතට හැරීමක් පමණයි දක්නට ලැබෙන්නේ’’.

National ENQUIRER වාර්තා කරන අන්දමට විලියම් කුමරුගේ සහෝදරයා වන 36 හැවිරිදි හැරී කුමරු තම ආර්යාව වන 39 හැවිරිදි මේගන් ආදිපාදවරිය සමග නව දිවියක් ඇරඹීම සඳහා රාජකීය පවුල හැර ගියදා සිට කේම්බ්‍රිජ් කාල සටහන තීව්‍ර වී ඇත.