සනත් ඩිලා ඊයේ මුල් පන්දු ඕවර පහට ගෙනා සුපුරුදු ප්‍රහාරය (වීඩියෝ)

සනත් ඩිලා ඊයේ මුල් පන්දු ඕවර පහට ගෙනා සුපුරුදු ප්‍රහාරය (වීඩියෝ)

Legends League ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට World Giants කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ Asia Lions කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි World Giants කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 256 ක් ලබා ගැනීමට සමත් වුණා.

කෙවින් පීටර්සන් පන්දු 22 ක් තුළ ලකුණු 48 ක් ලබාගත් අතර කොරේ ඇන්ඩර්සන් නොදැවී ලකුණු 94ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නුවන් කුලසේකර කඩුලු 3ක් දවා ගත් අතර, මුත්තයියා මුරලිදරන් හා චමින්ද වාස් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ආසියානු කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 8 ක් දැවී ලකුණු 231ක් පමණයි.

පන්දුවට පහරදීමේදි ඩිල්ෂාන් ලකුණු 25 ක්, සනත් ජයසූරිය ලකුණු 38ක් ලබා ගැනීමට සමත් වුණා.

World Giants vs Asia Lions | Hindi | Highlights | Legends League Cricket | Final | 29th January 2022