ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

යොවුන් ආසියානු බොක්සිං ශුරතාවේදී උත්පලා සෙව්වන්දි ක්‍රීඩිකාව රිදී පදක්කමක් දිනා ගෙන තිබෙනවා.

උස්බකිස්ථානයේ දී පැවැත්වෙන ආසියානු වයස 22න් පහළ තරගාවලියේ කිලෝග්‍රෑම් 50 බර පන්තිය යටතේ තරග වදිමින් මෙම රිදී පදක්කම දිනා ගෙන තිබෙනවා.

එම බර පන්තියේ රන් පදක්කම දිනා ගත්තේ උස්බෙකිස්තාන ක්‍රීඩිකා සබිනා බොබොකුලෝවා විසින්.

උත්පලා සෙව්වන්දි ක්‍රීඩිකාවගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ දිමුතු දිනේෂ් මහතායි.