ගැරඬි ඇල්ලේ ඛේදවාචකය

ගැරඬි ඇල්ලේ ඛේදවාචකය

ඇටම්පිටිය උමාඔය ගැරඬි ඇල්ලේ දිය නෑමට ගොස් දියේ ගිලී මිය ගිය පුද්ගලයින් සිව් දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

අවුරුදු 19, 21 සහ 23 හැවිරිදි තරුණියන් තිදෙනෙකුගේ සිරුරු සහ 23 හැවිරිදි තරුණයෙකුගේ සිරුරක් ඊයේ (29) පස්වරුව වන විට සොයාගත් බව පොලීසිය පැවසුවේය.

අතුරුදන් වූ තවත් තරුණියකගේ සිරුර සෙවීමේ කටයුතු තවදුරටත් සිදුකරන බව සඳහන් වේ.

ඊයේ පස්වරුවේ දිය නාමින් සිටියදී මෙසේ දියේ ගිලී මිය ගොස් ඇත්තේ ඇටම්පිය සහ ලිඳුල ප්‍රදේශවල පදිංචිව සිටි පිරිසක් බව පොලීසීය සඳහන් කළේය.