තවමත් හැදුනේ නැති නොරොච්චෝලේ

තවමත් හැදුනේ නැති නොරොච්චෝලේ

ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන එළඹෙන සතියේදී ඉන්දීයන් ඔයිල් සමාගම හරහා සෘජුවම මිළදී ගැනීමට හැකිවන බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.

මේ අතර පසුගිය දෙසැම්බර් 3 වනදා බිදවැටීමට ලක්වූ නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය අද දිනයේදී යථා තත්වයට පත්වන බව සදහන් කෙරුණ ද තවමත් එය යථා තත්වයට පත් කිරීමට නොහැකිවූ බවයි විදුලිබල මණ්ඩලය සදහන් කරන්නේ.

කෙසේවෙතත් අදාළ විදුලි ජනන යන්ත්‍රය හැකි ඉක්මණින් යථා තත්වයට පත්කොට මෙගාවොට් 300 ක විදුලි ධාරිතාව මෙරට විදුලි පද්ධතියට ලබාදිමට කටයුතු කරන බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරනවා.

මේ අතර ඉදිරි අපොස උසස්පෙළ විභාග කාල සිමාවේදී විදුලිය කප්පාදුවකින් තොරව පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් තමා ඉල්ලීමක් කර ඇති බව ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ මහතා පවසනවා.