පොහොට්ටුවත් එක්ක ආයේ තරඟයක් නෑ – නොබෙල් ත්‍යාගයත් ලැබෙන්න තිබුණා

පොහොට්ටුවත් එක්ක ආයේ තරඟයක් නෑ – නොබෙල් ත්‍යාගයත් ලැබෙන්න තිබුණා

මින් ඉදිරියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග නොකරන බවත් ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොමැති සන්ධානයක් ගොඩනගන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලනය පිළිබඳව රටම කලකිරීමකට ලක්ව ඇති බවත් පොහොට්ටුව ගැන කලකිරීමට පත් නොවූ කිසිවෙක් නැති බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ යූ ටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

තමන් ජනාධිපති සමයේ තමන්ට නොබෙල් සාම ත්‍යාගය හිමි වීමට තිබූ අවස්ථාව අහිමි කළේ එවකට ආණ්ඩුවේ අනිත් පාර්ශ්වය බවට ද ඔහු චෝදනා කළේය.

නොබෙල් සාම එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබා දෙන ලෙස එම පිරිස් ඉල්ලීම් කිරීමෙන් එය අවුල් සහගත තත්ත්වයකට පත්කරන ලද බවද සිරිසේන මහතා තවදුරටත් එහිදී කියා සිටියේය.