වාර්තා ගත ලෙස යළි කොවිඩ් ආසාදිතයින් ඉහළයයි

ඊයේ (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1056ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ මාස හතරකට පසුයි 1000 සිමාව ඉක්මවා ගොස් ඇත්තේ
ඒ අනුව, මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 610,103ක් දක්වා ඉහළ ගොස් තිබේ
එමෙන්ම ඊයේ දිනයේ කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඒ අතර අවුරුදු 30ට අඩු පුද්ගලයින් 3 දෙනෙකු ද වාර්තා වී ඇති අතර ඊට කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු අයත්ය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,420කි.

