මට කොවිඩ්, මට දුව නැතුව පාළුයි – කාජල්

මට කොවිඩ්, මට දුව නැතුව පාළුයි – කාජල්

ජනප්‍රිය බොලිවුඩ් නිළි කාජල් කොවිඩ් අසාදනය වී ඇති බව වාර්තා වෙනවා. ඇයගේ Instagram ගිණුමේ ඇගේ දියණිය නයිසාගේ ඡායාරූපයක් සමග මෙය සටහන් කර තිබෙනවා.

කාජල් එම සටහනට ශීර්ෂ පාඨය යොදා තිබුනේ අමුතු ආකාරයටය. “කොවිඩ් අසාදනය වුණා ඒත් මගේ රුඩොල්ෆ් නාසය දකිනවාට කැමති නැත, එබැවින් අපි ලෝකයේ මිහිරිම සිනහවට ඇලී සිටිමු ඔබ නැතුව පාලුයි @nysadevgan” යනුවෙනි

ඇයට ධනාත්මකවීම නිසා ‘නයිසා‘ දියණියගෙන් ඈත්ව සිටිමට සිදුවීම ගැන ඇය කණගාටුවී තිබේ.

නයිසා යනු කාජල් සහ අජේ දේව්ගන් ගේ වැඩිමහල් දියණිය වන අතර ඇය 2003 වසරේ උපත ලබා ඇත. දැනට ඇය ස්විට්සර්ලන්තයේ Glion උසස් අධ්‍යාපන ආයතනයේ ජාත්‍යන්තර සබඳතා විෂය හදාරන්නියකි.

මේ අතර ප්‍රියංකා චොප්රා එම සටහනට අදහස් දක්වා ඇති අතර ඉක්මණ් සුවය පතා තිබේ.