ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් – ආචාර්ය නාලක ගොඩහේවා

ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් – ආචාර්ය නාලක ගොඩහේවා

රටේ පවතින ආර්ථික අර්බුද වලින් ගොඩ ඒමට හැකි බව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසනවා.

පෑළියගොඩ නව මැනිං වෙළඳ පොලට පැමිණෙන පාරිභෝගකයින්ට හා එහි සේවක සේවකයින්ට හට ගමනාගමන පහසුකම් සැපයිමේ අරමුණින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.මෙම වැඩසටහන ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා අද (01) පෙරවරුවේ එම අවස්ථාවට එක් වුණා. එම අවස්ථාවේදී දැක්වූ අදහස්

අපි රට බාර ගන්න විටත් බොහෝ දෙනෙකුට අමතක වෙලා තිබුණට අපේ රටේ ආර්ථික ප්‍රශ්නයක් තිබුණා, කඩා වැටිච්ච ආර්ථිකය ගොඩ ගන්න තමයි සෞභාග්‍යයේ දැක්ම කියලා සැලැස්මක් ඉදිරිපත් කලේ, හැබැයි අවුරුදු දෙක පමණ කාලයක් ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගික ගැටළු ඇති වුණා.

ඒ නිසා ඇතිවෙමින් තිබුණ ආර්ථික අර්බුදය ඒ පීඩනය තවත් වැඩි වුණා. මේ වෙලාවේ ජනතාවටත් ඒක දැනෙනවා,ප්‍රශ්නයක් තියෙනවා පැහැදිලිවම, හැබැයි ප්‍රශ්න වලින් අපට ගොඩ එන්න පුළුවන් යනුවෙන් පැවසීය.