IOCයෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ගන්න අනුමැතිය හිමිවෙයි

ඉන්දියානු තෙල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මිලට ගැනීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
එම සමාගමෙන් ඩීසල් හා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් බැගින් මිලට ගැනීම සඳහා බලශක්ති අමාත්‍යාංශය මේවනවිටත් සාකච්ඡා කර ඇති අතර ඩීසල් තොගය ලබාදීමට ඉන්දියාන් තෙල් සමාගම කැමැත්ත පළ කර තිබුණා.


