බුදු පිළිම අලෙවිසැලක සිදු වූ කොල්ලකෑම

බුදු පිළිම අලෙවිසැලක සිදු වූ කොල්ලකෑම

කළුතර උතුර, ගාලු පාරේ පිහිටි බුදුපිළිම සහ අටපිරිකර අලෙවිසැලක සිදුවන මුදල් කොල්ලයක් CCTV කැමරාවේ සටහන්ව තිබෙනවා.

අදාළ කොල්ලය සිදුව ඇත්තේ පෙරේදා පස්වරුවේයි.

එහිදී කොල්ලකරුවන් දෙදෙනෙකු වෙළෙඳසැලට පැමිණෙන අතර ඔවුන් තුවක්කුවක් පෙන්වා එම වෙළඳසැලේ සේවිකාවන් බියවද්දා මෙලෙස මුදල් කොල්ලකා තිබෙනවා.

එහිදී කොල්ලකරුවන් විසින් එක් සේවිකාවක ගෙළ බැඳි රන් මාලයක් ද කඩාගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කළුතර උතුර පොලිසිය මගින් ක්‍රියාත්මකයි.