අපේ රටේ හදන සුපිරි ආරක්ෂක රථය (වීඩියෝ)

‘මේඩ් ඉන් ශ්රී ලංකා‘ සන්නාමය සහිත වාහන මෙරට මාර්ගවල ධාවනය වන අනාගතයක් කරා පා තැබීමට අපට හැකියාව ඇති බව දැන් දැන් අපි ඔප්පුකරමින් තිබේ. මේ එයට කදිම නිදසුනක්
දැන් අපි කතා කරන්න යන්නේ, අයිඩියල් (IDEAL) පරික්ෂණ අංශය සහ ශ්රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකාය එක්කව හදපු නිෂ්පාදනයක් ගැන.
මේ අලුතින් හදපු වාහනය ගැන අයිඩියල් ෆස්ට් චොයිස් අධ්යක්ෂ චමින්ද වනිගරත්න මහතා කියා සිටියේ සියයට සීයක් ශ්රී ලංකික නිපැයුමක් සහ ශ්රී ලංකික නිෂ්පාදනයක් මෙම ආරක්ෂක රථය නාවික හමුදාවේ වෙරළාරක්ෂක කටයුතු සඳහා භාවිතා කරන්න මෙම රථය නිෂ්පාදනය කර ඇති බව වනිගරත්න මහතා කියා සිටියා. මෙය ඕනෑම මාර්ගයක ගමන් කිරීමට හැකි වන ලෙස නිර්මාණය කළ රථයෙකි
චමින්ද වනිගරත්න මහතා වැඩි දුරටත් කියා සිටියේ, ලක්ෂ 45ක මුදලකට මෙම රථය වෙළඳ පොලට ලබා දිය හැකියි, නාවික හමුදාවත් සමඟ වැඩ කරන ගමන් අනෙකුත් ආරක්ෂක අංශ වලටත් මෙය හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම අපි විදේශ වෙළඳ පොලට යන්න බලාපොරොතු වෙනවා, විශේෂයෙන්ම දකුණු අප්රිකානු මාකර්ට්ස් වලට, ඒෂියන් මාකට්ස් වලට යන්න බලාපොරොත්තු වෙනවා. මේ COMBAT ATV ආරක්ෂක රථයත් එක්ක යනුවෙන් පැවසීය.

