රාගම වෛද්‍ය සිසුන්ට පහරදීමේ සිදුවීමට අරුන්දිකගේ පුතා අත්අඩංගුවට

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු නැමති සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ (02) රාත්‍රියේ රාගම පොලීසියට භාරවී තිබෙනවා.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 7 ක්.

