IMF සහය ඉල්ලුවා, ළඟදී පිරිසක් එනවා – මුදල් ඇමති

වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලමින් ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ එම ආයතනයේ නියෝජිතයින් පිරිසක් ළඟදීම මෙරටට පැමිණිමට නියමිත බවය.
මේ අතර ‘ගම සමග පිළිසඳරක් – අයවැයෙන් වැඩ ලක්ෂයක්’ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන හෙට (03) ආරම්භ කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (02) පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ වෙනුවෙන් රුපියල් බිලියන 100ක් වෙන්කර ඇති බවයි
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දැක්වූ අදහස්,
මෙහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ, “IMF එකත් එක්ක සාකච්ඡා කරමින්ද ඉන්නේ?”
අමාත්‍ය බැසිල් රාජපක්ෂ – “ඒකත් තහනම් වචනයක්. නිල වශයෙන් එවැන්නක් කරලා නැහැ. විශේෂඥ දැනුම අපි ඉල්ලලා තියෙනවා. අර්බුදකාරී රටවලට උපදෙස් දෙන්න තියෙන ආයතනය මේක තමයි. අවශ්‍ය මුදල් ජපන් රජයෙන් දෙන්න එකඟතාවක් තියෙනවා. ඒ දෙකම IMF එක තහවුරු කරලා තියෙනවා. හෙට අනිද්දා ඔවුන් ඇවිත් අපි නොදන්න දේවල් ගැන අපිට උපදෙස් දෙයි. ඒවා භාරගැනීම මට තනියෙන් කරන්න බැහැ. අපිට සුදුසු ක්‍රමය ගැන අපි හොයනවා.”
මාධ්‍යවේදියෙක් – “ඇමතිතුමා මුදල් මුද්‍රණය කිරීම කවදා නවතියිද ?”
අමාත්‍ය බැසිල් රාජපක්ෂ – “ඒක නතර කරන්න බැහැනේ. මගේ අත්සන සහිත මුදල් තාම ගැහුවෙත් නැහැ. ඒකත් ගහන්න ඕනනේ.”
මාධ්‍යවේදියෙක් – “ඉදිරියේදී වාහන ආනයනය කරනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් ද?”
අමාත්‍ය බැසිල් රාජපක්ෂ – “වාහන ගෙන්න ඉස්සෙල්ලා පරිප්පු ටික ගේන්න එපැයි. මම බලන්නේ හෙට උදේ වෙද්දි පරිප්පු කන්ටේනර් ටික බේරන්නේ කොහොමද කියලා. කොහොම හරි මෙහෙම කාර් එකක් හදාගමු.”

