අභිමානවත් 74 වෙනි නිදහස් දිනය අදයි

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වර්ෂ 1948 පෙබරවාරි 04 ශ්‍රී ලංකාවට නිදහස ලැබුනේ වසර එසිය තිස් තුන් වසරක් බ්‍රිතාන්‍ය රාජ්‍යට යටත් විජිතයක්ව පැවතීමෙන් පසුවයි. පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07.30 ට එළබුනු සුබ මොහොතීන් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මොක්ස් මේසන් මුවර්තුමා ,සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරු වරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ දිවුරුම් දීම සිදු වූනේ කොළඹ රජ වසලේදී වන අතර එදින රතිඤඤා හඩින් මුළු රටම ගිගුරුම් දී සැම පන්සලකම ඝන්ටා නාද විය.
නිදහස නිමිති කරගෙන පෙබරවාරි 04 වෙනිදා සිට 14 වෙනිදා දක්වා රජයෙන් උත්සව මාලාවක් සංවිධාන කෙරිණ. නිදහස් උත්සවය නිමිති කරගෙන සිරකරුවන් 1883 දෙනෙකුට නිදහස හිමි වූ අතර මරණිය දණ්ඩනයට නියමව සිටි සිරකරුවන් 09 දෙනෙකුද එදින නිදහස ලැබීය. මෙම 4,5 දෙදින තුල සත්ව ඝාතන ස්ථාන වසා දැමීය. පෙබරවාරි 4,10,11,12, යන දින රජයේ නිවාඩු දින ලෙස නම් කෙරිණ. වාරායේ නැව්,රජයේ ගොඩනැගිලි,ආගමික ස්ථාන,නිවෙස් ආදී ස්ථාන සියල්ලකම සිංහ කොඩි ලෙල දුන් අතර කොලඹ පැවති නිදහස් උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන්ද ක්‍රියාත්මක විය.
එදින නිදහස් උත්සව මලාවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ග්ලොස්ටර්හි ආදිපාදවරයාය. ඔහු 06 වෙනි ජෝර්ජ් රජුගේ බාල සොහොයුරෙක්. එතුමා කලක් බ්‍රිතාන්‍යට අයත් රට වල ළමා සංගම් පිළිබද ජාතික සංගමයේ සභාපති වරයා ලෙසද කටයුතු කලේය.1945 සිට 1947 දක්වා ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකර දුරයද හෙබවූ එතුමා අල්ටර්හි අර්ල් පදවියද දරා තිබේ. බ්‍රිතානයන්ට යටත් වීමෙන් පසුව බ්‍රිතානයට ගෙන යන ලද රාජසිංහ රජුගේ සිංහාසනය ,ඔටුන්න ඇතුළු කෘතුක භාන්ඩ 1934 දී නැවත ශ්‍රී ලංකාවට බාරදුන් ලැබුවේද ග්ලොස්ටර්හි ආදිපාදවරයාගේ මැදිහත් වීමෙනුයි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් මිදී වසර 74 ක් ගියද අප ස්වාධීන රටක් ලෙස තවදුරටත් කටයුතු කරන්නේ ද යන්න විමසා බැලීම සියළු පුරවැසියන්ගේ යුතුකමක් සහ වගකීමකි.
කෙසේ වෙතත්, නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරඝ්‍රයේදී අද පෙරවරුවේ පැවැත්වෙයි.
අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මව්බිමක් යන්න මෙවර සැමරුම් උළෙලේ තේමාවය.
අද පෙරවරු 8.13ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සව සභාව වෙත පැමිණීමත් සමග නිදහස් උළෙලේ කටයුතු ආරම්භවීමට නියමිතය.
ජාතිය වෙනුවෙන් දිවිපිදු විරුවන් සිහිකිරිම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිතය.
ත්‍රිවිධ හමුදා පෙළපාලි සහ සංස්කෘතික කණ්ඩායම්වල අංග ඉන් අනතුරුව පැවැත්වෙයි.
ඒ සඳහා 6,500ක භට පිරිසක් සහ සන්නද්ධ රථ 111ක් සහභාගී කරගැනීමට නියමිතය.
සැමරුම් උළෙලේදී ගුවන් හමුදා සංදර්ශනයක් පැවැත්වෙන අතර ඊට ගුවන් යානා 26ක් යොදාගන්නා බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පැවසීය.
නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී දේශය වෙනුවෙන් ආචර වෙඩි මුර 25ක් පිරිනැමීම දහවල් 12ට සිදුකරන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සඳහන් කළේය.
නිදහස් දින සැමරුම පැවැත්වෙන කාලය තුළ නිදහස් චතුරඝ්‍රය අවට මාර්ග 21ක් ගමනාගමනය සඳහා වසා තැබෙන අතර විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකය.
උත්සවයේ ආරක්ෂක කටයුතු සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ 3,000ක් පමණ පිරිසක් යොදවා ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
මෙවර නිදහස් දින සැමරුමට සහභාගීවීම සඳහා මහජනතාවට එම පරිශ්‍රයට පැමිණීමට අවසර හිමි නොවන අතර උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වෙන බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.
74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව යුධ හමුදාවේ නිලධාරීන් 480 දෙනෙකු සහ සෙසු නිලයන් 8,034 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයන් සඳහා උසස් කර තිබේ.
ජනාධිපතිවරයාගේ අනුමැතියට යටත්ව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් එම උසස්වීම් ලබාදී ඇති බව යුද හමුදාව සඳහන් කරයි.
මේ අතර අදට යෙදී ඇති නිදහස් දිනයට සමගාමීව සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති සමාව යටතේ නිදහස හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

