භාවිතා කරන මෝටර් රථ වල මිල ගණන් පහළට

භාවිතා කරන මෝටර් රථ වල මිල ගණන් පහළට

ලෝක වෙළෙදපොළේ භාවිතා කරන ලද මෝටර් රථ ඇතුළු වාහනවල මිලෙහි යම් අඩුවීමක් දක්නට ලැබෙන බව CNBC සහ AFP පුවත් සේවය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇමෙරිකාව, එංගලන්තය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල භාවිතා කරන වාහනවල මිල ගණන් ජනවාරි මස අගවන විට අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

කොවිඩ් වසංගත තත්ත්වය උදාවීමත් සමග ලොව සෑම රටකම භාවිතා කරන ලද වාහන වල මිල ගණන් සියයට 50කින් ඉහළ ගිය බව CNBC මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ඒ අනුව වසර කිහිපයකට පසුව යළි බටහිර රටවල භාවිතා කරන ලද වාහන වෙළෙදපොළ යළි පිබිදීමක් දක්නට ඇත.

බටහිර රටවල එසේ වුවත් ඉන්දියාවේ භාවිතා කරන ලද මෝටර් රථ වල මිල ගණන් තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව එරට ඇතැම් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ භාවිතා කරන ලද මෝටර් රථ වෙළෙදපොළේ කිසිදු මිල අඩුවීමක් දක්නට නොමැත.

මෙරට වාහන ගැණුම් සහ විකුණුම්කරුවන් (Buy and Sell) පවසන්නේ භාවිතා කරන ලද වාහනවල මිල තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

https://cnb.cx/3IZPnHq