කුරුඳුවලට සහතිකයක්

ශ්‍රී ලංකා කුරුඳුවලට සුවිශේෂී කුළුබඩු වර්ගයක් ලෙස අනන්‍යතාවක් හිමි කරදෙන භූගෝලීය දර්ශකයක් ලෙස යුරෝපා සංගමයේ ලියාපදිංචි කළ බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශකළා.
මෙරට නිෂ්පාදනයක් යුරෝපා සංගමය තුළ ලියාපදිංචි කළ ප්‍රථම අවස්ථාව ද මෙයයි.
පසුගිය වර්ෂය තුළ දී කුරුඳු අපනයනය මගින් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 230 ක ආදායමක් උපයා ඇති බව වෙළඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

