ගම්මන්පිල විමල්ට කේක් කවයි

කොළඹ දිස්ත්‍රික් සංවර්ධන වැඩ සටහන යටතේ තලංගම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් වෙත නිවසක් ලබාදීම අද (05) පෙරවරුවේ සිදු කෙරුණා.
ඒ, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල යන සහභාගීත්වයෙන්.
හෙටට යෙදන උදය ගම්මන්පිල මහතාගේ ජන්ම දිනය සැමරීම ද මෙහිදී සිදු කෙරුණා. එහිදී උදය ගම්මන්පිල මහතා විසින් අමාත්‍ය විමල් වීරවංශට කේක් කෑල්ලක් කැවිමද සිදුවිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් ජාත්‍යන්තර ආයතනයක් සමඟ සාකච්ඡා කිරීම ගැටලුවක් නොවන බව, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.
තලංගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ගැටලුව ඇත්තේ රටට අහිතකර කොන්දේසි ඉදිරිපත් කළහොත් ඊට එකඟ වීම සම්බන්ධයෙන් බවයි.
එහිදී ගමන්පිල අමාත්‍ය තුමා කියා සිටියේ හැම සතියෙම තෙල් නැව් තුන හතරක් එන බවත්, නැත්නම් තෙල් හිඟයක් ඇති වෙන්න එපැයි යනුවෙන් පැවසීය, වැඩි දුරටත් අමාත්‍ය තුමා කියා සිටියේ IOC එකෙන් තෙල් ලැබුණත් නැතත් අපිට පුළුවන් අනුව අපි විදුලියට අවශ්‍ය ඉන්ධන සපයනවා යනුවෙන් අදහස් දක්වා සිටියා.

