ලොවක් කම්පනයට පත් කරමින් “රයන් ” ජීවිතය හැර යයි

ලොවක් කම්පනයට පත් කරමින්  “රයන් ” ජීවිතය හැර යයි

ගැඹුරු නළ ළිං කුහරයකට වැටී දින හතරක් එහි සිර වී සිටි මොරොක්කෝවේ ‘රයන්’ නැමැති 05 හැවිරිදි දරුවා මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය ඊයේ (05) රාත්‍රියේ සඳහන් කළා.

ගලවා ගැනීමේ කණ්ඩායම් ළඟා වීමට පෙර රයන් හෘදයාබාධයකින් මියගොස් සිටි බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

මොරොක්කෝවේ උතුරු දිග දුෂ්කර ගම්මානයක පිහිටි නළ ළිඳකට එම දරුවා පසුගිය අඟහරුවාදා සවස ඇද වැටී ඇති බවයි වාර්තා වුණේ.

පසුව ඔහු බේරා ගැනීම සඳහා සහන කණඩායම් ක්‍රියාත්මක වූ අතර පටු ළිඳට සමාන්තරව පස් කඳු ඉවත් කර පසුව දරුවා සිරව සිටි ස්ථානය දක්වා කැණීම් ආරම්භ කළා.

දරුවා මුදා ගැනීමේ මෙහෙයුම සිදුකරන ආකාරය දැක ගැනීමට විශාල පිරිසක් අදාළ ප්‍රදේශයට පැමිණ තිබූ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ අවධානය ද මේ සඳහා යොමුව තිබුණා.

මේ වන විටත් මිය ගිය ‘රයන්’ වෙනුවෙන් ශෝකය පළකරමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ආකාරයේ සටහන් හුවමාරු වනවා.

https://bit.ly/3GuDwzm