අරුන්දික වෙනුවෙන් පෙරට ආපු කොටුවේ පොඩි හාමුදුරුවෝ

අරුන්දික ප්‍රනාන්දු මහතාට උඩුවේ ධම්මාලෝක හිමියන් විසින්ම චරිත සහතික දීම අනවශ්‍ය බව පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමියන් පවසති.
දරුවන් දෙපිරිසක් අතර ඇතිවූ මේ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට නීතිය ක්‍රියාත්මක වන බැවින් උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ චරිත සහතික අනවශ්‍ය බව උන් වහන්සේගේ අදහසයි. ඇයි මෙච්චර ඇමතිතුමා පස්සේ එළවන්නේ, එක එක හාමුදුරුවරු එක එක මිනිස්සු ඇවිත් චරිත සහතික දෙන්න අවශ්‍ය නැති බව මාධ්‍ය වෙත අදහස් පල කරමින් උන් වහන්සේ මේ බව කියා සිටියා.
මේ සිද්ධිය පදනම් කරගෙන අරුන්දික ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාගේ දේශපාලනය අවසන් කිරීමට කිසිවෙකුටත් තමන් වහන්සේ ඉඩ නොතබන බව පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමියන් කියා සිටිති.
අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මෙන්ම රට වෙනුවෙන් ද විශාල කැපකිරීමක් කළ අමාත්‍යවරයෙකු බවත් පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමියන් සදහන් කලහ.

