රථය නතර වෙයි, අශාන් පසු බසී, උෂාන් ප්‍රථම ස්ථානය දිනා ගනී

“Ice breaker ” තරගාවලියේ කවුරුත් දෑස් දල්වා බලා සිටි තරඟය වුයේ අශාන් සිල්වා සහභාගිවන මෝටර් රථ අංශයේ තරඟයයි, මොකද එය එතරම් උණුසුම් මුහුණු වරක් ගන්නා බව දන්නා නිසාය.
සාලිය පුර ගජබා ධාවන පථයේ මෙමෙ තරගය SLGT – 3500 CC Race 2 ලෙස පැවැත්වුණා.
මෙමෙ තරඟය ඉතා තියුණු මුහුණුවරක් ගනු ලැබුවා, මෙමෙ තරඟයේ මිට පෙර ශුරයා වුයේ අශාන් සිල්වායි, මිට පෙර පැවති ඛාණ්ඩයේ ජයග්‍රහණය කලෙත් අශාන්,දෙවන් ස්ථානයට පත් වුනේ එවර උෂාන්
එම වාසියත් සමඟ අශාන් මෙම තරඟ වටයට පිවිසියා. දැඩි උණුසුම් මුහුණු වරක් ගත්තා මෙම තරඟය, නමුත් අවසන් මොහොතේදී ඔහුගේ මෝටර් රථයේ සිදුවූ යම් කිසි කාර්මික දෝෂයක් නිසා ඔහුට පසු බසින්නට සිදු වුණා, ඔහුට කලින් වටයේ වගේම මෙමෙ වටයේත් තර්ජනයක් වුන උෂාන් පෙරේරා තරඟ ජයග්‍රහණය කළේය පිළිවෙලින් දෙවන් ස්ථානය අරවින්ද ප්‍රේමදාස, තුන්වන ස්ථානය අශාන් සිල්වා ලබා ගත්තේය.



