“Ice breaker ” 2022 racing තරගය අද ගජබා ධාවන පථයේදී ඇරඹෙයි

SLADA Racing 2022 ශූරතාවලිය ඇරඹීම සඳහා මේ වන විට සියළු කටයුතු සූදානම්.
එහි ප්‍රථම තරගය ලෙස “Ice breaker ” තරගය අද පෙබරවාරි 6 උදෑසන 8,30 සිට ශ්‍රී ලංකා යුධ හමුදා ගජබා රෙජිමේන්තුව අනුරාධපුර සාලියපුර ගජබා ධාවන පථයේදී පැවැත්වේ.
මෙහි නිල මාධ්‍ය සහකරු ලෙස “Pit Pass sri lanka” කටයුතු කරන අතර නිල වෙබ් පුවත් සහකරු ලෙස “My newslanka” කටයුතු කරයි.
එහි සජීවී දර්ශන ගෙන ඒමට “Pit Pass sri lanka” සහ “My newslanka” සූදානමින් සිටියි.





