සංචරණ සීමා නෑ, වගකීමෙන් වැඩ කරන්න – යුද හමුදාපති

සංචරණ සීමා නෑ, වගකීමෙන් වැඩ කරන්න – යුද හමුදාපති

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

කොරෝනා පැතිරීමක් තිබුණද සංචරණ සීමා යළි පැනවීමේ කිසිදු අදහසක් නැතැයිද ඔහු සඳහන් කළේය.

එන්නත ගැන රජය දැඩි විශ්වාසයක සිටින බවත් ඒ ඒ වයස් කාණ්ඩ වලට නිර්දේශ කෙරුණු එන්නත් මාත්‍රා නොපමාව ලබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් යුද හමුදාපතිවරයා පැවසුවේය.