හිජාබ තහනමට එරෙහිව ඉන්දියාවේ විරෝධතා – විශ්ව විද්‍යාල සහ පාසල් වසා දමයි

හිජාබ තහනමට එරෙහිව ඉන්දියාවේ විරෝධතා – විශ්ව විද්‍යාල සහ පාසල් වසා දමයි

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මුස්ලිම් සිසුවියන්ට හිජාබය පැලදීම තහනම් කිරීම මුල් කරගෙන මේ වන විට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

ඉන්දීය මාධ්‍ය අනාවරණය කළේ මේ වන විට ප්‍රාන්ත කිහිපයකම විරෝධතා පැවැත්වෙන බවයි.

එම විරෝධතාවලට සම්බන්ධ වී සිටින අයගෙන් බහුතරය තරුණ කාන්තාවන් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සතියේදි අධ්‍යාපන අමාත්‍යංශය විසින් කර්නාටක ප්‍රාන්ත සිසුවියන්ට හිජාබය පැළදීම තහනම් කරමින් නියෝගයක් පනවා තිබුණි.
ඒ අනුව පාසල් කිහිපයකම හිජාබද පැළද සිටි සිසුවියන් ඇතුළු කර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි.

මෙම විරෝධතා රැල්ල උත්සන්නවීමත් සමග පාසල් දින 3ක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.