උස්බෙගිස්ථාන ගුවන් සේවය මත්තලට

උස්බෙගිස්ථාන ගුවන් සේවය මත්තලට

උස්බෙගිස්ථාන ගුවන් සේවය ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපළ වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

ඒ අනුව උස්බෙගිස්ථාන ගුවන් සේවයට අයත් UZB 3525 දරණ ගුවන් යානයෙන් සංචාරකයින් 135දෙනෙකු රැගෙන මත්තල ගුවන් තොටුපළට පැමිණ ඇත.

සීත සෘතු කාලසීමාව තුළ මෙම ගුවන් සේවය ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන සිය ගුවන් ගමන්වාර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දිවයිනට පැමිණි මෙම සංචාරකයින් පිරිස ශ්‍රී ලාංකික සම්ප්‍රදාය අනුව පිළිගනු ලැබීය.