මෙරට 17 වන රාජ්‍ය විශ්වවිද්‍යාලය අද විවෘත කරයි

වවුනියාව විශ්ව විද්‍යාලය අද විවෘත කිරීමට නියමිතව ඇත.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම විශ්ව විද්‍යාලය නිල වශයෙන් විවෘත කිරීමට නියමිත බවයි.එය මෙරට 17 වන විශ්ව විද්‍යාලය වේ.
යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපය, වවුනියාව විශ්ව විද්‍යාලය ලෙස නම් කිරීමට අදාළ ගැසට් නිවේදනය පසුගිය වසරේ ජුනි මස 08 වනදා නිකුත් කර තිබුණි.
මේ වන විට වවුනියාව විශ්ව විදයාලය සදහා සිංහල සිසුන් 400ක් පමණ ලියාපදිංචි වී සිටියි.

