IPL වෙන්දේසියේ වනිදුට අධි ඉල්ලුමක්

IPL වෙන්දේසියේ වනිදුට අධි ඉල්ලුමක්

අද (12) පැවති අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ තුන්ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ඉන්දීය රුපියල් දස කෝටි හැත්තෑපන් ලක්ෂයකට තම කණ්ඩායම සතු කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 28කට අධිකයි.

බැංගලෝර්හිදී පැවැති ක්‍රීඩක වෙන්දේසියේ දී ඔහුට මෙම ලන්සුව ඉදිරිපත් වූ අතර, විදේශීය ක්‍රීඩකයෙකු මෙම වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි දහයේ සීමාව ඉක්මවා අලෙවි වූ පළමු අවස්ථාව ද මෙයයි.අද වෙන්දේසියේදී මෙතෙක් ඉහළම ලන්සුව ඉදිරිපත් වුණේ ඉන්දීය ක්‍රීඩක ඉෂාන් කිෂාන්ටයි.

එය ඉන්දීය රුපියල් කෝටි 15.25ක්.

https://bit.ly/3JqDURA