තියුණු සටනක් – සුපිරි පන්දුවාරයෙන් කැන්ගරුවන්ට ජය

තියුණු සටනක් – සුපිරි පන්දුවාරයෙන් කැන්ගරුවන්ට ජය

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර විස්සයි විස්ස තරඟාවලියේ පැවැත් වූ දෙවන විස්සයි විස්ස තරඟයෙන් සුපිරි පන්දුවාරයෙන් ජය හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 164 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී Josh Inglis ලකුණු 48 ක් ලබාගත් අතර Aaron Finch ලකුණු 25 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුලු 2ක් හා දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී සිටියදී ලකුණු සම කිරීමට සමත් වුණා.

ඒ අනුව සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කළ අතර එහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම 1 කඩුල්ලක් දැවී ලකුණු 50 ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 8 ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 73 ක් හා දසුන් ශානක ලකුණු 34 ක් ලබා ගත්තා.