වැරදි මුල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් මෙරට ආර්ථිකය කඩා වැටිලා

වැරදි මුල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් මෙරට ආර්ථිකය කඩා වැටිලා

වැරදි මුල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් මෙරට ආර්ථිකය කඩා වැටිලා යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ කුරුණෑගල ජන හමුවක් අමතමින්,

එහිදී අනුර කුමාර මහතා දැක්වූ අදහස්

2021 අපේ ආදායම වියදම ඩොලර් බිලියන 20.6යි, අපනයන වියදම ඩොලර් බිලියන 12.5යි, ආසන්න වශයෙන් ගත්තොත් අපේ ආනයන අපනයන අතර වෙනස ඩොලර් බිලියන 8.1යි.

මේ පෙබරවාරියේ සිට ඊලග ජනවාරිය දක්වා, ඒ කියන්නේ ඉදිරි වසර සඳහා අපි ගෙවිය යුතු ණය වාරිකය ඩොලර් බිලියන 6.9ක්.විදේශ ණය වාරිකය. එතකොට අපිට 8.1අවශ්‍ය වී තිබෙනවා භාණ්ඩ අපනයනය කිරීම සඳහා.

වැරදි මුල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කිරීම හේතු කොට ගෙන අද අපිට විදෙස් ගත ශ්‍රමිකයන් ගෙන් ලැබෙන මුදලද අපිට අහිමි වී තිබෙනවා.

පරිප්පු ගේන්න ඕස්ට්‍රේලියාවෙන් සල්ලි ඉල්ලනවා, තෙල් ගේන්න ඉන්දියාවෙන් සල්ලි ඉල්ලනවා, හාල් ගේන්න බංග්ලාදේශයෙන් සල්ලි ඉල්ලනවා, තව මොනාහරි ගේන්න පාකිස්ථානයෙන් ඉල්ලනවා, අනෙකුත් භාණ්ඩ ගේන්න චීනෙන් සල්ලි ඉල්ලන්න වෙලා තියෙනවා, මේ සියල්ල කඩා වැටි තිබෙනවා.

මම හිතන්නෑ මේ ආර්ථික ඇමතිට කිසි සේත්ම යහපත් ප්‍රතිපල අත් පත් කර දීමට හැකියාවක් තිබේ යැයි කියා ඔහු පවසා සිටියි.