බබා හම්බුනාට පස්සේ නාමල්ට තේරුණ දේ

බබා හම්බුනාට පස්සේ නාමල්ට තේරුණ දේ

කාන්තාවෝ තමයි ගෙදර ආරක්ෂා කරන්නේ, මටත් ඒක තේරුනේ බබා හම්බුනාට පස්සේ, ඊට කලින් මම හිතුවා මම තමයි වැඩ කාරයා කියලා තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යතුමා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

එතුමා මේ බව පැවසුවේ පොදු ජන පෙරමුණේ කාන්තා බල මණ්ඩල රැස්වීම අමතමින්.

එහිදී එතුමා දැක්වූ අදහස්,

“විපක්ෂ නායකතුමා කියනවා පොහොට්ටුවේ අයට උදව් කරන්න වැඩ ලක්ෂයක් කරනවා කියලා, මාර මනුස්සයෙක්”

“ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය අමුතුවෙන් බෙලිඅත්තේ අයට කියන්න ඕන නෑනේ, ඔයාලා ඒ ගැන හොඳට දන්නවා. ඒ අය වී ගබඩා ගිනි තියපු අය, ඒ අය රෝහල් ප්‍රදේශීය ලේකම් කාර්යාල ගිනි තියපු අය ජනතා විමුක්ති පෙරමුණ තමයි ඉතිහාසයේ වැඩි පුරාම ගිනි තියපු අය.”

“වගකීමක් ගැන කතා කරන් නැතුව අයිතිය ගැන විතරක් හිතලා මහා පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා.අවසානයේ ලෙඩ්ඩු ටික තමයි අමාරුවේ වැටෙන්නේ, ඒ අයගේ අම්මා තාත්තත් ඒ අතර ඉන්නවා, ගමේ අහිංසක මිනිහා තමයි බැට කන්නේ.”

“කාන්තාවෝ තමයි ගෙදර ආරක්ෂා කරන්නේ, මටත් ඒක තේරුනේ බබා හම්බුනාට පස්සේ, ඊට කලින් මම හිතුවා මම තමයි වැඩ කාරයා කියලා, සෑම විටම අපි විශ්වාස කරන දේ තමයි කාන්තාවෝ යන පැත්තට තමයි ආණ්ඩුව යන්නේ, රැස්වීම් වල සාමාන්‍යයෙන් කාන්තාවෝ වැඩි නම් අපි හිත හදන් ගෙදර යනවා” යනුවෙන් පැවසීය.