අලුතින්ම වෙළඳ පොළට ආපු යතුරු පැදිය

මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයෙහි හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් ඩේවිඩ් පීරිස් සමාගම මුල්වරට දේශීයව අගය එකතු කරමින් එකලස් කරන ලද යතුරුපැදිය වෙළඳපොළට හඳුන්වා දීම අද පෙරවරුවේ සිදු කෙරුණා.
අමාත්‍ය විමල් වීරවංශගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් පසුගිය වසරේ මාර්තු 15 වනදා ජනගත කිරීමෙන් පසුව මෙරට පැවති මෙවැනි සමාගම් සංඛ්‍යාව තුනේ සිට 12 දක්වා වැඩි වී තිබෙනවා.
ඒ අනුව ඩේවිඩ් පිරීස් සමාගම ප්‍රථම වරට දේශීයව අගය එකතු කරමින් නිපදවන ලද බජාජ් සීටී 100 යතුරුපැදිය හම්බන්තොට – රන්න පිහිටි එම සමාගමේ වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ දී වෙළඳපලට හඳුන්වා දුන්නා.

