EPF, ETF ගැන මුදල් ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

EPF, ETF ගැන මුදල් ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

රුපියල් මිලියන 2,000 වඩා බදු ආදායමක් ලබාගත හැකි සමාගම් සහ පුද්ගලයන් මත පැනවූ 25%ක අධිභාර බද්දට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල් 11ක් අයත් නොවන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පවසයි.

අද (14) පැවති ඇමති මණ්ඩල රැස්වීමේදී මුදල් ඇමතිවරයා මේ පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරිමක් සිදුකර ඇති අතර ඒ පිළිබඳව මාධ්‍ය වෙතද ප්‍රකාශයක් සිදු කර තිබේ.

සමාගම් සහ පුද්ගලයන් මත පැනවූ 25%ක අධිභාර බද්දට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවලින් දැඩි විරෝධයක් ආණ්ඩුවට එල්ලවී තිබිණි.