තියුණු ආයුධයක් පෙන්වා සිදු කල අපරාධය (වීඩියෝ)

සිය නිවෙස අසල මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙක්ගේ ගෙල බැඳි රන්මාලය යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු කොල්ලකා පළාගොස් තිබේ.
කොල්ලකරුවන් සමග පොරබැදීමේදී අදාළ පුද්ගලයාව බිම ඇදවැටී ඇති අතර එහිදී තියුණු ආයුධයක් පෙන්වා මෙම කොල්ලය සිදුකර තිබේ.
එම සිද්ධිය සිදුවෙන ස්ථානයේ සිට මීටර් 50ක් පමණ ඈතින් සිටි පුද්ගලයෙක් සිය ජංගම දුරකථනයෙන් එම කොල්ලය සිදුවන අයුරු වීඩියෝ කර තිබුණි.
මෙම සිද්ධිය සිදුව තිබුණේ කහතුඩුව අම්බලන්ගොඩ මාර්ගයේ ස්ථානයකදීය.
කහතුඩුව පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවය.

