චීන සංවර්ධන බැංකුවේ හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට

චීන සංවර්ධන බැංකුවේ හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට

හිටපු චීන සංවර්ධන බැංකුවේ උප සභාපති සහ කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ කමිටු සාමාජිකයෙකු වන හී ෂින් ෂියෑන්ග් දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එරට අධිකරණ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අල්ලස් ලබාගැනීම, රෙගුලාසි උල්ලංඝණය කරමින් මූල්‍ය ලේඛන නිකුත් කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා අතර වන බවයි.

නීති විරෝධී ලෙස ණය නිකුත් කිරීම සහ විදේශ තැන්පතු වසං කිරීම යන චෝදනා ද ඔහුට එරෙහිව එල්ල වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

චීන සංවර්ධන බැංකුව එරට රාජ්‍ය කවුන්සිලයේ පාලනය යටතේ පවතින අතර මේ වංචාව මගින් දැඩි මූල්‍ය අවධානමක් ඇති කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මීට දින කිහිපයකට පෙර චීන බැංකු නියාමන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන චායි ඊසෙන්ග් ද දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබුවා.

https://bit.ly/3LE2csV