සුබ ආරංචියක් – පළමු වරට කාන්තාවක් ඒඩ්ස් රෝගයෙන් සුවය ලබලා

එක්සත් ජනපදයේ ඒඩ්ස් රෝගයෙන් පෙලුණ කාන්තාවක් සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ඒඩ්ස් රෝගයෙන් සුවය ලැබූ පළමු කාන්තාව මෙන්ම ලෝකයේ තෙවැනි පුද්ගලයා වන්නේ ඇයයි.
එඩ්ස් රෝගයට අමතරව ඇය ලියුකේමියා රෝගියෙක්ද වෙයි.
ඒඩ්ස් වෛරසයට ස්වභාවිකව ප්‍රතිරෝධී වූ පරිත්‍යාගශීලියෙකුගෙන් ලබගත් ප්‍රාථමික සෛල බද්ධ කිරීමකින් මෙසේ ඇය ඒඩ්ස් රෝගයෙන් සුවය ලබා තිබෙනවා.

