ඉන්දියාවේ ඩිස්කෝ සංගීතය ජනප්‍රිය කළ බාප්පි ලහිරි ජීවිතක්ෂයට

ඉන්දියානු සංගීත නිර්මාණ ශිල්පී බාප්පි ලහිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඊයේ (15) රාත්‍රී මුම්බායි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මියයන විට ඔහු 69 වන වියේ පසු වුණා.
ඉන්දියානු චිත්‍රපට සංගීතයේ වඩාත්ම ප්‍රභල චරිතයක් වන බාප්පි ඩිස්කෝ ඩාන්සර් වැනි චිත්‍රපට සඳහා ඔහු සිය දායකත්වය ලබාදී තිබෙනවා.
අඟහරුවාදා (15) ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරුණු අතර ඔහුගේ පවුලේ අය ඔවුන්ගේ නිවසට වෛද්‍යවරයෙක් ගෙන්වා උපදෙස් ලබා ගත් බවයි පැවසෙන්නේ .
පසුව ඔහුව රෝහලට රැගෙන ආවත් තිබුණු සෞඛ්‍ය ගැටලු කිහිපයක් හේතුවෙන් මිය ගිය බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය දීපක් නම්ජෝෂි පවසා තිබෙනවා.

