කැණීම් ස්ථාන පුනරුත්ථාපනය පිළිබඳව සකස් කරන ලද විමර්ශන වාර්තාව පරිසර ඇමතිට

කැණීම් ස්ථාන පුනරුත්ථාපනය පිළිබඳව සකස් කරන ලද විමර්ශන වාර්තාව පරිසර ඇමතිට

ශ්‍රී ලංකාවේ කැණීම් ස්ථාන පුනරුත්ථාපනය පිළිබඳව සකස් කරන ලද විමර්ශන වාර්තාව පරිසර අමාත්‍යවරයා වෙත ලබාදී තිබෙනවා. ජී එස් එම් බී ආයතනය මගිනුයි අදාළ විමර්ශන වාර්තාව සකස් කර ඇත්තේ.

රට පුරා ඇති කැණීම් ස්ථාන විධිමත් පරිදි පුනරුත්ථාපනය නොකිරීම සම්බන්ධයෙන් තමන්ට සතියක් තුළ විමර්ශනාත්මක වාර්තාවක් සපයන ලෙසට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර භූවිද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයාට දන්වා තිබුණා. ඒ අනුවයි අදාළ කැණීම් හා පුනරුත්ථාපන ස්ථාන පිළිබඳව වාර්තාව සකස් කර අමාත්‍යවරයා වෙත ලබාදුන්නේ.

මෙම වාර්තාවට අනුව 2012 සිට 2021 දක්වා කාලය තුළ පුනරුත්ථාපනය නොකරන ලද කැණීම් ස්ථාන 950ක් හඳුනාගෙන ඇති අතර මේ වන විට පුනරුත්ථාපනය කර ඇති කැණීම් ස්ථාන 2491ක් ලෙස දක්වා තිබෙනවා. කැණීම් අවසන් කිරීමෙන් අනතුරුව අදාළ ස්ථාන නිසි පරිදි පුනරුත්ථාපනය නොකරන ලද පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් එවැනි ආයතන හා පුද්ගලයින් සඳහා නැවත බලපත්‍ර නිකුත් නොකිරීමටත් මෙහිදි අවධානය යොමු වී තිබෙනවා.