ප්‍රසිද්ධ ටියුෂන් පන්තියක වැසිකිළියක කැමරාවක්

ගම්පහ නගරයේ උපකාරක පන්තියක කාන්තා වැසිකිළියක කැමරාවක් සවිකිරීමේ සිද්ධියක් පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එම ප්‍රසිද්ධ ආයතනයේ උපකාරක පන්තියකට සහභාගි වූ ශිෂ්‍යාවන් පිරිසක් මෙම කැමරාව දැක දෙමාපියන් දැනුවත් කිරීමෙන් පසුව පොලිසියට පැමිණිලි කර ඇති අතර එම කැමරාවේ දර්ශන ජංගම දුරකථනයකින් හෝ ලැප්ටොප් පරිගණකයකින් සජීවීව නැරඹීය හැකි ආකාරයට සකස් කර තිබූ බව ද හෙළිව තිබෙනවා.
මේ පිළිබඳව උපකාරක පන්ති පවත්වන ආයතනයේ හිමිකරු සහ ගුරුවරු ඇතුළු පුද්ගලයන් 10 කට වැඩි සංඛ්‍යාවකින් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වනවා.

