මෝරෙක් පිහිනමින් සිටි පුද්ගලයෙක්ව බිල්ලට ගයි, මෝරා සොයා මෙහෙයුම්

මෝරෙක් පිහිනමින් සිටි පුද්ගලයෙක්ව බිල්ලට ගයි, මෝරා සොයා මෙහෙයුම්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි පිහිනමින් සිටි පුද්ගලයෙක් මරා දැමූ සුදු මෝරෙක් සොයා ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් මෙහෙයුම් දියත් කර තිබෙනවා.

මෙවැනි සිදුවීමක් සිදුව ඇත්තේ වසර 60කට පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බදාදා(16) සිදුවූ මෙම ප්‍රහාරයෙන් පසු පිහිනන අයට එම ජල ප්‍රදේශ තහනම් කිරීමත් සමග නගරයේ බොහෝ වෙරළ තීරයන් වසා දමා තිබෙනවා.

මියගිය පිරිමි පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි නිලධාරීන් පවසන්නේ

මුහුදු ජලයේ ඔහු පිහිනමින් සිටින විට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්

ජීවිතාරක්ෂකයින් මෝරා සොයා ගැනීම සඳහා නගරයේ නැගෙනහිර බොන්ඩි සිට දකුණේ ක්‍රොනුල්ලා දක්වා කිලෝමීටර් 25 (සැතපුම් 15.5) ක දුරක් සංචාරය කර තිබෙනවා.

එමෙන්ම හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා ද භාවිතා කරමින් මෙහෙයුම් සිදු කරනවා.

https://bbc.in/3uXmQyf