චීනය නිසා සමස්ත ආසියාවම වෙනසකට ලක් වෙලා – අගමැති

චීනය නිසා සමස්ත ආසියාවම වෙනසකට ලක් වෙලා – අගමැති

චීනය නිසා අද වනවිට සමස්ත ආසියාව ම වෙනසකට ලක්ව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

චීන – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 65 ක් සපිරීම සහ රබර් – සහල් ගිවිසුමට වසර 70ක් සපිරීම නිමිත්තෙන් නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ පැවති සමරු උත්සවයට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

ශ්‍රී ලංකා – චීන තානාපති සබඳතාවල හැටපස් වන සමරුව සහ චීන ශ්‍රී ලංකා රබර්, සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් වන සමරු උළෙල කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ඊයේ (17) පැවැත්වුණා.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

මෙම සැමරුම් උලෙළට දේශපාලන පක්ෂ නායකයින්, මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වන අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් සූම් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ වුණා.

චීන – ශ්‍රී ලංකා තානාපති සබඳතා සැමරුම් කමිටුව විසිනුයි මෙම උලෙළ සංවිධාන කරනු ලැබ තිබුණේ.